රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පවතින දූෂණ විරෝධී නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා රජය සුවිශේෂී පියවරක් ගෙන තිබේ.
ඒ අනුව, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පතක් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම නව සංශෝධන ඇතුළත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් එළිදක්වා ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ දැනට පවතින නීතියට නව විධිවිධාන කිහිපයක් එක් කිරීමයි.
ඉදිරි කාලයේදී මෙම යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නිල වශයෙන් සම්මත කර ගැනීමට නියමිතව ඇත.
මෙය මෙරට දූෂණය පිටුදැකීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට දරන උත්සාහයක් ලෙස හඳුනාගත හැකිය.


