රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (28) දින යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ .
අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඊයේ (27) සලකා බැලුණු අතර එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිය කරුණු දැක්වීම් සිදු කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකිරීමට නියමිත විමර්ශනවලට අදාළව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එහි සඳහන් වේ.
දෙපාර්ශවයම ඉදිරිපත් කළ තර්ක සැලකිල්ලට ගත් අධිකරණය, අදාළ නඩුව නැවත කැඳවීමට තීරණය කළ බව මෙහි අවධාරණය කර ඇත.


