රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (International Financial Institute) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාව මඟින් තහවුරු කරන්නේ, මූල්‍ය විනය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව සෙසු නැගී එන ආර්ථිකයන් අභිබවා ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ ඇති බවයි.
වේගයෙන්ම දියුණුවන රාජ්‍යයන් අතර 4 වන ස්ථානය
"2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට" (2026 Investor Relations and Debt Transparency Report) අනුව, ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයන් අතර සිව්වන (04) ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මෙය හුදෙක් ඉලක්කම් පිළිබඳ දත්තයක් නොව, මෙරට රාජ්‍ය ණය කළමනාකරණය සහ ආයෝජක විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ලබාදුන් ඉහළම සහතිකයකි.
මෙම සුවිශේෂී ඇගයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ලබා දී ඇති නිල ප්‍රකාශය මෙසේය….
“ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.”
මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන ගෝලීය දර්ශකයන් පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ස්ථානය වඩාත් පැහැදිලි වේ. ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව පෙරමුණේ පසුවන රටවල් මෙසේය
- පළමු ස්ථානය: වියට්නාමය (ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන)
- දෙවන ස්ථානය: බෙලීස් රාජ්‍යය
- තෙවන ස්ථානය: මොසැම්බික් රාජ්‍යය
- සිව්වන ස්ථානය: ශ්‍රී ලංකාව
වියට්නාමය වැනි ගෝලීය ආර්ථික බලවතෙකුට සමගාමීව, නැගී එන වෙළෙඳපොළවල් (Emerging Markets) අතර සිව්වන ස්ථානය දිනා ගැනීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයෝජකයින්ට ‘කොළ එළියක්’ (Green Light) දල්වා ඇති බව අපගේ විශ්ලේෂණයයි.
ප්‍රගතියට බලපෑ ප්‍රධාන සාධක: ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා (The Drivers of Success)
ශ්‍රී ලංකාව මෙම ගෝලීය මට්ටමට ඔසවා තැබීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මූල්‍ය පද්ධතිය තුළ ඇති කරනු ලැබූ ක්ෂේත්‍ර දෙකක ප්‍රගතියයි…
- ණය විනිවිදභාවය සහ වගවීම (Debt Transparency): රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ තොරතුරු නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකාව විශාල ඉදිරි පිම්මක් ලබා ඇත. ඒ අනුව, ණය විනිවිදභාවය පිළිබඳ නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
- ආයෝජක සබඳතා ශක්තිමත් කිරීම (Investor Relations): ගෝලීය ආයෝජකයින් සමඟ අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීම සහ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය දත්ත සහ වාර්තා සැපයීමේදී ශ්‍රී ලංකාව දක්වන දියුණුව මෙම ජයග්‍රහණයේ පදනමයි.
මෙම දත්ත විමසා බලන විට පැහැදිලි වන්නේ, ණය විනිවිදභාවය අතින් අප 5 වන ස්ථානයේ සිටියද, ආයෝජක සබඳතා සහ අනෙකුත් සාධකවල ප්‍රබලතාවය හේතුවෙන් සමස්ත දර්ශකයේ 4 වන ස්ථානය දක්වා අපට ඉදිරියට පැමිණීමට හැකි වී ඇති බවයි. මෙය රටක මූල්‍ය විනය තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.

