හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කර තිබේ.
රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 15 වනදා ඔහුව අත් අඩංගුවට තිබිණි.


