ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව….

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ තවත් දැවැන්ත සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබති.

එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන දියණිය, කීර්තිමත් ShakthiSAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්ව ඇත.

මෙම නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්ව විද්‍යාලයේදී (Gautam Buddha University) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇත. මෙම සංචාරය අතරතුරදී, ගරු, ඉන්දීය අග්‍රාමාත්‍යතුමන් සහ ගරු, ඉන්දීය ජනාධිපතිතුමිය සහභාගී වන නිල රාඡ්‍ය තාන්ත්‍රික හමු සහ රාඡ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා දියණිය සහභාගී වීමට නියමිතය. මෙය අපගේ අනාගත තරුණ පරපුරට හිමිවූ අතිශය කීර්තිමත් අධ්‍යාපනික මෙන්ම රාඡ්‍ය තාන්ත්‍රික අවස්ථාවක් වන අතර, ඩිජිටල් සහ තාක්ෂණික අනාගතයක් කරා ශ්‍රී ලංකාව තබන තවත් දැවැන්ත ඉදිරි පියවරකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...