ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් චරිත් අබේසිංහ යළි බන්ධනාගාරයට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර සමඟි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ නැවත බන්ධනාගාර ගත කර තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදුව අද (28) දින ඔවුන්ට ඇප නියම විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද ඇප නියෝගයේ සඳහන්ව ඇත.

එමෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර තිබේ.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

රඛිත රාජපක්ෂ සහ අනෙක් සැකකරු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් මුදා හැරීමට නියෝග කෙරුණු නමුත් සැකකාර චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...