මාලිමා රජය යටතේ වී ගොවියාත් විනාසයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයත් විනාසයි – විපක්ෂ නායක සජිත්

 ජූලි 30 කොළඹ LNW:

එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මේ රජය ගොවි තැන සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවා විනාශ කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන කුළුණු 3න් අධිකරණය යන කුළුණ ද විනාශ කරමින් යන බවත් උපරිමාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ පුරප්පාඩු රැසක් තිබුණත් රජය ඒවා පත් නොකරමින් සිටින බවත් තවත් පැත්තකින් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කරන්න උත්සාහ කරන බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන ප්‍රතිපත්ති මාලාවේ මේ කිසිවක් සදහන් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් සූරිය වැව හබරත්තවල පැවැති ජන හමුවක් අමතමිනි.

එදා 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලටම තෙල් දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් ලක්ෂ 12 විට්ස් කාර් එකක් දෙනවා යැයි කිව්ව අය අද එවැනි දේවල් කිව්වේ නැති බවට පවසන බවත් අද මේ කිව්ව එක පොරොන්දුවක්වත් නොමැති ඉටු වූයේ නැති වුවත් අධිකරණයට බලපැම් කරමින් සිටින බවත් මේ නිසා ජනතාවට කිසිදු සහනයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට ඕනි අධිකරණයේ බලය අඩු කරන්න

රජයේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති කුළුණු අතරින් විධායකය යන කුළුණ ශක්තිමත් කර අධිකරණයේ බලය අඩු කර විධායකයට යටපත් කරන්න රජය උත්සාහ කරන බවත් විධායකයේ අතකොළුවක් බවට පත් කර ගන්න උත්සාහ කරන බවත් මේ යෝජනා ඉදිරියේ අධිකරණ සේවා කොමිෂමේ ගරු විනිසුරුවන් පවා එයට විරුද්ධ වූ බවත් 65යි 0ක් ලෙස විරුද්ධ වී ඇති බවත් ඊට අමතරව නීතිඥ සංගමය පවා ඒකමතිකව මේ රජයේ උත්සාහය ප්‍රතික්ෂේප කර ඇති බවත් විධායකයේ අණසකට අධිකරණය යටපත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රජය මේක කරන්නේ අධිකරණය දුර්වල කිරීමට සේම ගරු විනිසුරුවන්ගේ ගරුත්වය චරිතය කෙලෙසා සමාජයේ ඇති ගරුත්වය විනාශ කිරීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේක අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක්

අධිකරණය මෙල්ල කරන්නට රජය දරණ උත්සාහය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහර පරාජය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රජයේ ඇමතිවරු කැමරා වහන තැනට පත් වෙලා

අද ඇමතිවරු කැමරා වහන බවත් නාලිකාවලට අපහාස කරන බවත් තමාට විවිධ නාලිකා කොයි තරම් අපහාස කළත් කිසිදු මාධ්‍යයට වාරණයක් නොදෙන බවත් නිදහස් මාධ්‍ය ගරු කළ යුතු බවත් නිදහස් මාධ්‍ය සේව සිවිල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන නිසා ඒවාට අප ගරු කළ යුතු බවත් අප රට ඒකාධිපති රටක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බලයට ආවේ බොරුවෙන්

පසුගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී රජය බොරු උපරිමයෙන් කියමින් බේගල් ඇද දමමින් ඓතිහාසික බොරු මල්ලක් ඉදිරිපත් කර බලය ගත්තත් මේ වන විට බොරුවෙන් ජය ගත් ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගොවි ජනතාව ඇතුළු සමස්ත පොදු ජනතාව රවටා ජනතාව අන්ත අසරණ කර ඇති බවත් 76 වසරක සාපය නැති කර ක්‍රමයේ වෙනසක් ඇති කර ගොවියා රජ කරවා ගොවියා දෙවියා යැයි පවසා ගොවියාට පොරොන්දු රැසක් ගොවියාට පවසා හිතාමතාම ගොවි ජනතාව අසරණ කර ගොවි ජනතාව දුප්පතුන් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අදටත් වැඩිම වැට් බදු ගහන්නේ කෘෂි උපකරණවලට

කණකර දේපල උගස් කර ගිණිපොලී මුදලාලිලාගෙන් මුදල් ලබා ගෙන ගොවිතැන් කළත් අද වන විට බිත්තර වී වල ගුණාත්මකභාවය අඩු බවත් කළට වේලාවට පොහොර සහනාධාරය පවා නොලැබෙන බවත් කෘෂිරසායන වල් නාශක තෙල් පොහොරවල මිල වෙනස් සේම බාල බවත් කෘෂි උපකරණ ඉහළ ගොස් ඇති බවත් ගොවියාට ආදරය කරනවා කියන මේ රජය කෘෂි උපකරණවලට අදටත් වැට් බදු ගසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් නෑ

ගොවි ජනතාව අමාරුවෙන් වගා කටයුතු කර අස්වැන්න නෙලුවත් අද ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් පවා නොමැති බවත් ගොවි ජන දුක ආණ්ඩුව අද ගොවියාට කසිප්පුකාරයා යැයි කියන බවත් වී වගා කරන්න බැරි නම් වෙනත් වගා කරන්න යැයි කියන බවත් මැතිවරණ සමයේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ස්වයංපෝෂිතභාවය තහවුරු කරනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී කිලෝවකින් රු. 17ක් පාඩුයි

පේරාදෙණියේ කෘෂිකර්ම විශේෂඥයන්ට අනුව වී කිලෝවක් වගා කරන්න රු. 137ක් ගියත් අද මේ ජවිපේ රජය ගොවියාට දෙන්නේ රු. 120ක ස්ථාවර මිලක් බවත් මෙය හිතාමතාව වී කිලෝවකින් රු. 17ක් පාඩු කිරීමක් බවත් මැතිවරණ සමයේ ගොයම් කකා වී සදහා රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ මිලවත් නොමැති බවත් බලයට පැමිණි පසු මොවුන්ට මේ සියල්ල අමතක වී ඇති බවත් මේ තරම් ජනතාව රැවටූ රජයක් මෑත ඉතිහාසයේ බිහි නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලෝකයේ ලොකුම ටොම්පචයන් ඉන්නේ මේ රජයේ

ලෝකයේ සිටින ලොකුම ටොම්පචයන් සිටින්නේ මේ රජයේ බවත් ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලු දෙනාම අද ගොවියා අනාථ කර ඇති බවත් මේ රජයට විරුද්ධව ජනතාව සමග මහ පාරට බැස ගොවි අයිතිය සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය සූදානම් බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

අද වී මෝල් හිමියන් පවා අසරණයි

ආණ්ඩුවට මුළු අස්වැන්න ගත නොහැකි නිසා ඉතිරි අස්වැන්න සුළු හා මධ්‍ය පරිමාණ මෝල් කරුවන් මිලදී ගත යුතු වුවත් අද මේ මෝල්කරුවන් අසාදු ලේඛනගත වී ඇති බවත් අද වී ගන්න මුදල් නොමැති බවත් එදා වී ගොවියාගේ වී මිලදී ගන්න කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට සහන පොලි ණය දුන්නත් අද ඒ පොළී ණය දෙන්නෙත් නැති බවත් රජය බොරුවට වී මිලදී ගන්නවා කිව්වත් ඒ මිලදී ගන්නෙත් රු. 17ක් පාඩු කර ඇති බවත් ඉතිරි අස්වනු ගන්න පහසුකම් පවා සලසා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2/3 ගත්තට පස්සේ ගොවියාත් ජනතාවත් දෙගොල්ලම අනාථ කරා

ජනතාව අන්දවා ජනාධිපතිකමයි පාර්ලිමේන්තුනේ තුනෙන් දෙකක් අරගෙන මේ රජය අද ගොවි ජනතාව සහමුලින්ම අනාථ කර අමතක කර ඇති බවත් මේ තරම් බොරු කරපු බොරු කියපු ජනතාව අන්දවපු අසරණ කරපු නිසා නිහඩව සිටිය නොහැකි බවත් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බවත් තවදුරටත් නිහඩව සිටීම නිවටව සිටීම ඵලක් නොමැති නිසා මහා පරිමාණයේ ගොවි ජන අරගලයක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය නායකත්වය සමගි ජන බලවේගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...