මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් විශාල පිරිසක් ස්පාඤ්ඤයේ සියුටා ප්‍රදේශයට පිහිනා යයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
යුරෝපයට ඇතුලුවිමේ නවතම ක්‍රමයක් ලෙස මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පිහිටි ස්පාඤ්ඤයට අයත් සෙවුටා (Ceuta) ප්‍රදේශය හරහා පසුගිය දින කිහිපය තුළ සංක්‍රමණිකයන් 2,000-3000කට ආසන්න පිරිසක් නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අතර තරුණයන් මෙන්ම පවුල්ද සිටින අතර, බොහෝ දෙනා වැටවල් තරණය කිරීමෙන් හෝ මුහුදු මාර්ගයෙන් පිහිනා ස්පාඤ්ඤ භූමියට ළඟා වීමට උත්සාහ දරා තිබේ.

ස්පාඤ්ඤ ආරක්ෂක අංශ සහ දේශසීමා බලධාරීන් මේ වන විට සෙවුටා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර නිලධාරීන්ද යොදවා ඇත.

අප්‍රිකාවේ සිට යුරෝපයට ළඟා වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සඳහා සෙවුටා සහ මෙලිල්ලා (Melilla) ස්පාඤ්ඤයේ වැදගත් පිවිසුම් ස්ථාන දෙකක් ලෙස සැලකෙන අතර, ආර්ථික දුෂ්කරතා, ගැටුම් සහ අස්ථාවරත්වය හේතුවෙන් මෙවැනි සංක්‍රමණ උත්සාහයන් මෑත කාලයේ නැවතත් ඉහළ ගොස් ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...