ඩෙංගු මර්දනයට කොළඹ රතු කුරුසය අඛණ්ඩව සේවයේ!

කොළඹ LNW:රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහන්වලට රාජ්‍ය අංශයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව උපරිමයෙන් ස්වෙච්ඡා සේවක සහය සහ එම ස්වෙච්ඡා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම ලබාදෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ විධායක අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය,කොළඹ මහ නගර සභාව සහ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග ඔවුන්ගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල,ගොතටුව, හෝමාගම, කඩුවෙල, මහරගම, පිළියන්දල, බොරැල්ල, කොළඹ උතුර සහ නාරහෙන්පිට ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතුවලට සහ ඩෙංගු මර්දනය පිළිබඳ ගෙයින් ගෙට යෑමේ වැඩසටහන්වලට පසුගිය දිනවල රතුකුරුස ස්වේච්ඡා සේවකයන් පහළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ බවත්, දෛනිකව රතුකුරුස ස්වේච්ඡා සේවකයන් පනහකට ආසන්න සංඛ්‍යාවක් ගෙන් ගෙට පරික්ෂා කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩ සටහන්වලට සහභාගී වන බවත් කුමාරි කොතලාවල මහත්මිය තවදුරටත් සඳහන් කරයි.

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශය ගෙන යන වැඩ සටහන්වලට රතුකුරුස සංගමය අඛණ්ඩව සේවා සහය ලබාදෙන බව ද කොතලාවල මහත්මිය කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...