රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම් දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (31) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතාගේ සහභාගිත්වයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී දේපොළ තහනම් කිරීමේ ක්‍රියාවලියේ යාවත්කාලීන තොරතුරු මෙහිදී ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, 2025 වසර තුළ රු.මි.1549 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය විය. එමෙන්ම, 2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇත.


