සටහන – රුවන් නෙළුගොල්ල
මිරිස්ස ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔහු 34 හැවිරිදි ධීවර යාත්‍රා පාලකවරයකු (ස්කිපර්) බව සඳහන්.
වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කරන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


