මහර අවට ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි !

මහර බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ අනුව,

246 – කැන්දලියද්දපාළුව – බටහිර

246 C – කැන්දලියද්දපාළුව – උතුර

181 G – දඹුව

යන ග්‍රාම නිලධාරී වසම් සඳහා මෙසේ ඇඳිරි නීතිය පනවා ඇත.

මහර බන්ධනාගාරය තුළ හා ඒ ආශ්‍රිතව උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය පාලනය කරගැනීම සඳහා මෙසේ ඇඳිරි නීතිය පනවා ඇති බව සඳහන්.

මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ තුවාල ලබා රෝහල්ගත කළ එක් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රැඳවියන් හය දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා විය.

එමෙන්ම බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් සහ පොලීසිය අතර ද උණුසුම් තත්වයක් හටගෙන තිබුණු බවත් වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...