Update:රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය – නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීමට බෙල් 412 ගුවන් යානයකුත් යොදවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. 

එලෙස ඇඳිරි නීතිය පනවා ඇත්තේ 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහාය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...