මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් නිකුත් කරයි

Date:

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබෙනවා.

සන්නද්ධ හමුදා කැඳවීමේ ජනාධිපතිවරයාගේ ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධ මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ආඥාව නිකුත් කර තිබෙන්නේ.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ ඉහළ යාමත් සමග මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට කටයුතු කළේය. යළිත් මහජන උද්ගෝෂණ ඉහළ යාමේ පසුබිමක් රටතුළ පවතින අතර එබැවින් මහජන ආරක්ෂාව තවදුරටත් සන්නද්ධ හමුදා වෙත පැවරීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...