මොස්කව් ආපනශාලාවක බෝම්බ පිපිරීමෙන් තිදෙනෙක් මරුට – 21කට තුවාල

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
රුසියාවේ මොස්කව් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

වාර්තා අනුව, පුපුරණ ද්‍රව්‍යය රැගෙන ආ කාන්තාව ආපනශාලාවට ඇතුළු වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරියෙකු ඇයව නවතා තිබේ. එම අවස්ථාවේදී බෝම්බය පුපුරා ගොස්, සැකකාර කාන්තාව, ආරක්ෂක නිලධාරියා සහ ආපනශාලාවේ සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රුසියානු බලධාරීන් පවසන පරිදි, මෙම ප්‍රහාරය homemade පුපුරණ ද්‍රව්‍යයක් භාවිතයෙන් සිදුකර ඇත.

මෙම පිපිරීම මොස්කව්හි කුද්රින්ස්කයා (Kudrinskaya) චතුරශ්‍රයේ පිහිටි Balzi Rossi ආපනශාලාව ආසන්නයේ සිදුවී ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.

ප්‍රහාරයේ අරමුණ හෝ ඊට වගකිව යුතු පාර්ශ්වය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු නිකුත් කර නොමැති අතර, රුසියානු විමර්ශන අංශ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...