යුද්ධ හමුදාධිපති රණක්ෂිතයට පත් යුද්ධ හමුදා රණවිරුවන් හමුවෙයි

අගෝස්තු 02 , කොළඹ LNW :

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න 2026 අගෝස්තු 02 දින අත්තිඩිය, මිහිදු සෙත් මැදුරේ නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට එක්විය. යුද්ධ හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඔහු සිදුකළ පළමු නිල සංචාරය මෙය විය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ඔවුන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානය කළේය. එහිදී රණවිරුවන් විසින් තමන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කිහිපයක් යුද්ධ හමුදාධිපති වෙත පිළිගන්වමින් සිය ගෞරවය හා කෘතවේදීත්වය පළ කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර් ජී එල් කේ වීරකෝන් ආර්ඩබ්පී ආර්එස්පී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...