(VIDEO) රුපියල් කෝටි 60 ක වියදමින් ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

රෂිකා හෙන්නායක අගෝස්තු 02 , කොළඹ LNW :

දකුණු පළාතේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දෙමින්, වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉෂ්ට කරමින් ඓතිහාසික ‘ඉල්වත්ත අමුණ’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අද (අගෝස්තු 02) ආරම්භවිය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම උත්සවයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එච්.එම්. අබේවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, ඇතුළු දේශපාලන අධිකාරියත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී මුහන්දිරම්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරාධිතයන් රැසක් සහභාගී විය.

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3 ක (රුපියල් කෝටි 60 කට ආසන්න) පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. මාස 20 ක කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000 කට අධික ජනගහනයට සහ 8,000 කට අධික ගොවි ජනතාවට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇත.

1952 වර්ෂයේදී ආරම්භ කරන ලද ඓතිහාසික ඉල්වත්ත අමුණ යටතේ වැලිගම ප්‍රදේශයේ බොරාල, පලල්ල, ජඹුරගොඩ බටහිර, ජඹුරගොඩ නැගෙනහිර, වැලිපිටිය, පාදිලි කොක්මාදුව, සහබන්දු කොක්මාදුව, නලවන යන වසම් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ හොරදුගොඩ, ඇල්ලලගොඩ සහ කෝදාගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද පෝෂණය වේ. අක්කර 3,000 කට අධික මඩ කුඹුරු යායක් සහ කොරටු අක්කර 62 ක් වගා කරන ගොවි පවුල් 2,000 කට ආසන්න ප්‍රමාණයකට මෙයින් සේවය සැලසේ.


1987 දී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු, 2006/2007 කාලසීමාවේදී නඩත්තු සේවකයන් විශ්‍රාම යාම සහ 2017 වසරේ පැවැති ගංවතුර ව්‍යසනයන් හමුවේ මෙම අමුණ දැඩි ලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබිණි. වසර ගණනාවක් පුරා විසඳුම් නොලැබී තිබූ මෙම ගැටලුවට වත්මන් රජය සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය එක්ව ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳව ප්‍රදේශවාසී ගොවි ජනතාව සිය ප්‍රසාදය පළ කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...