අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදැක ඇති අතර එහිදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමියන් සිය අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වේ.
එක් පුද්ගලයකු උදෙසා මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පිළිගත නොහැකි බව මහානායක හිමියන් එහිදී පවසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙයින් සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරෙන බව පවසා ඇති බවත් එසේ නම් විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ වියයුතු යැයි මහානායක හිමියන් පෙන්වා දී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා අද දිනයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ද බැහැදැකීමට නියමිත ය.


