දියගල පස්කඳු කඩා වැටීමෙන් හැටන්-කොළඹ මාර්ගය  දියගලින් වැසෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :

පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයට පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වෙයි.

මාර්ගයට පතිත වූ ගල් සහ පස් හේතුවෙන් මහනුවර, කොළඹ සහ නාවලපිටිය වැනි නගර කරා ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරන් ද දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය විවෘත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අවහිරතා ඉවත් කරන තෙක් පවතින අවදානම සලකා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අයහපත් කාලගුණය මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කර ඇති බැවින් ප්‍රවේශම් විය යුතු බව අවධාරණය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...