රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :
පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට දින වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත.
අධික වර්ෂාපතනය නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය වැනි ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
කොත්මලේ ජලාශය වාන් දැමීමත් සමඟ පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් කිරීමට සහ සහන සේවා සැපයීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දැනටමත් යොදවා තිබේ.
ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින අතර ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරේ.
ආරක්ෂක පියවරක් ලෙස මෙම නිවාඩුව ලබා දී ඇත්තේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාය.


