Gianniගේ යළි තේරී පත්වීමේ උත්සාහයට එංගලන්තයෙනුත් කැපිල්ලක්!

සටහන – පුලී

අගෝස්තු 03, LNW (කොළඹ):  එංගලන්ත පාපන්දු සංගමය (FA) ද, FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ යළි තේරී පත්වීමේ උත්සාහයට ලබාදී තිබූ සහාය ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, FIFA ආයතනය ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන තරගාවලි කළමනාකරණය සඳහා පිහිටුවීමට යෝජනා කළ නව වාණිජ ආයතනයක සියයට 20ක පමණ කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමේ සැලැස්ම අත්හැර දැමීමෙන් අනතුරුවය.

එම සැලැස්ම හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ ආයෝජන ලෙස ලබාගැනීම FIFA හි අරමුණ වූ නමුත්, පාපන්දු පාර්ශ්වකරුවන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එය පසුගිය සිකුරාදා ඉවත් කර ගැනීමට සිදුවිය.

මෙම අසාර්ථක යෝජනාවත් සමඟ 2027 සිට 2031 දක්වා කාලය සඳහා යළිත් FIFA සභාපති ධුරයට තරග කිරීමට අපේක්ෂා කරන ඉන්ෆැන්ටිනෝගේ නායකත්වය පිළිබඳ අවධානය සහ විවේචන තවදුරටත් ඉහළ ගොස් තිබේ.

වේල්සය සහ එංගලන්තය වැනි ලෝක පාපන්දු ඉතිහාසයේ ප්‍රමුඛ සංගම් දෙකක් ඔහුට සහාය දීම ඉවත් කර ගැනීම, ඉදිරි FIFA නායකත්වයට පෙර ඉන්ෆැන්ටිනෝට සැලකිය යුතු අභියෝගයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...