කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙක් මරුට!

කොළඹ LNW:කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.

මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන තිබූ අතර ඒ අවස්ථාවේ එය පාලනය කර තිබුනද අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව යළි හටගෙන තිබුණි.

එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකළ බව සඳහන් වේ.

රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...