ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ආසියානු රටවල් සහාය ගන්න රනිල් පිලිපීනයට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය. ඒ, 26 වැනිදා සිට 30 වැනිදා දක්වා මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි සම්මේලනයට සහභාගිවීම සඳහායි.

වික්‍රමසිංහ මහතා සම්මේලනයට සහභාගි වන්නේ මුදල් අමාත්‍යවරයා ලෙසයි.

මෙවර සමුළුවේ සභාපති තනතුර ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඒ, 2016 වසරේදී එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක මහතා සිදුකළ ඉල්ලීමකට අනුවයි.

මෙම සමුළුව පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මෙරට පැවති වාතාවරණය හේතුවෙන් සම්මේලනය කල්දමන ලෙස එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීමට අනුව 57 වැනි සම්මේලනය කල්දැමූ අතර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවරදී එය පැවැත්වීමට පසුව තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහයෝගය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා එහිදී ආසියානු රටවලින් ඉල්ලා සිටිනු ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...