තිරප්පනේ නව ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW :

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1,300කගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ඉදිකළ නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පරිත්‍යාගශීලියෙකු විසින් රුපියල් ලක්ෂ විසිහයහමාරක මූල්‍ය දායකත්වයක් සපයා ඇත.

යුද හමුදාපතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම සමාජ සත්කාරය සඳහා යුද හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය නොමඳව ලැබී ඇත.

මාස තුනක් වැනි කෙටි කාලයකදී වැඩ නිම කළ මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ වීම විශේෂත්වයකි.

මෙය නව යුද හමුදාපතිවරයා ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව සහභාගී වූ ප්‍රථම ප්‍රජා සත්කාරක වැඩසටහන ලෙස ඉතිහාසයට එක් වේ.

මෙමගින් ප්‍රදේශයේ පවතින උග්‍ර ජල හිඟයට සාර්ථක තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...