රෂිකා හෙන්නායක අගෝස්තු 09 , කොළඹ LNW :
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ.
මෙම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව ඇති අතර, ඒ මහතා මීට පෙර මහර බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස මෙන්ම පුහුණු අධ්‍යක්ෂවරයෙකු ලෙසද විශේෂ පළපුරුද්දක් ලබා ඇත.
ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ විදේශීය රටවල් රැසකින් මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව උසස් අධ්‍යාපනය ලබා ඇති නිලධාරියෙකි.
විශේෂයෙන්ම ඉන්දියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි රටවලින් බන්ධනාගාර කළමනාකරණය සහ මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව ඔහු ලබා ඇති ඩිප්ලෝමා සුදුසුකම් ඔහුගේ වෘත්තීය නිපුණත්වය විදහා දක්වයි.
එබැවින් මෙම නව පත්වීම බන්ධනාගාර පද්ධතියේ සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට ඉවහල් වනු ඇත.


