ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා අර්බුදය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇති බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල් අග්‍රාමත්‍යවර්‍යා මෙහිදී අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන් නිරායුධ කරන තුරු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් නොකරන බවයි.

ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ හමාස් සංවිධානය නිරායුධ කිරීමත් සමඟ අදියරෙන් අදියර ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම සහ ජාත්‍යන්තර ස්ථාවර කිරීමේ බලකායක් ගාසා තීරයට යෙදවීම යෝජනා කර තිබේ.

මේ අතර, හමාස් සංවිධානය පවසා ඇත්තේ තමන් සාම සැලැස්මට කැපවී සිටින නමුත්, ඊශ්‍රායල ප්‍රහාර නතර කිරීමෙන් අනතුරුව සිය අවි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට සූදානම් බවයි.

ඒ අනුව, ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පවතින මතභේදය ප්‍රධාන බාධාවක් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...