අධිකරණයේ හැඩරුව තීරණය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. අපිට ඒකට අයිතියක් තියෙනවා – ඇමති චතුරංග

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම වඩාත් වේගවත් කිරීමේ අරමුණින් බවත් එයින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදුනොවන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“අපි දන්නවා ජනතාව උදේ ඇහැරිලා බලනකොට මේ අපේ රටේ ධනය, අපේ දරුවන්ගේ ධනය මංකොල්ලකාපු කවුරුහරි හිරබත් කනවා, නීතියට හමුවට පැමිණෙනවා, එහෙම නැත්නම් ඇප හම්බවෙනවා, ඇප ගෙවාගන්න බැරිව දඟළනවා. මම හිතන්නෙ මේ සංස්කෘතිය මීට කලින් තිබ්බෙ නෑ. විශේෂයෙන්ම දේශපාලනයට සම්බන්ධ කිසිම කෙනෙක් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් කවදාවත් නීතිය හමුවට පත්වුණේ නෑ. ඉතින් අපි මේක ශක්තිමත් කරන් යනකොට අපිටත් හිතාගන්න අමාරුයි මොන අරමුණකින්ද මේකට විරුද්ධ වෙන්නෙ කියලා. ඉතින් හැමෝටම අදහස් දක්වන්න පුළුවන්. අපි කියනවා අදටත් කවුරුහරි අපිට ඔප්පු කරලා පෙන්වනවා නම් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික්කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නෙ කොහොමද කියලා. අධිකරණයේ ස්වාධීනත්වය කියලා අපි බලන්නෙ අධිකරණය වේගයෙන් ක්‍රියාත්මක වෙනවාද, යුක්තිගරුකව ක්‍රියාත්මක වෙනවාද, බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වෙනවාද, අවසානයේ නීතිය හමුවේ තීරණ වෙලාවට එනවාද කියන එක. අපි හිතනවා මේ වෙනකොට නම් අධිකරණය සාධාරණව ගිහින් තියනවා. අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම හානියක් වෙලා නැහැ. අපිට ව්‍යවස්ථාවෙ තියෙන ප්‍රතිපාදන අනුව ජනවරම දීලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට. අධිකරණයේ කොහොමද හැඩරුව කියලා තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. ඒකට අපිට ඉතාමත් හොඳ අයිතියක් තියෙනවා. ඒ නිසා අපි මේක පාවිච්චි කරනවා නීතියේ සාධාරණත්වය, යුක්තිය ඇතිකරන්න ගන්න ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන්න. අපිට තියෙන එකම විහිළුව වෙලා තියෙන්නෙ විපක්ෂය මේක කරට අරන් තියෙන එක. මොකද ඒගොල්ලොන්ගෙ සාමාජිකයින් තමයි දවසින් දවස ඇතුළට යන්නෙ”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...