රටේ අනන්තවත් ප්‍රශ්න තිබියදී ආණ්ඩු ඒක පක්ෂ පාලනයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පවා උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්

ඡන්දය භාවිත කරන ජනතාව ඒ ඡන්දය තුළ තෝරා ගැනීම් කරන විට අද තත්ත්වය පැවැති තත්ත්වය සහ අනාගතයේ වියහැකි දේ ගැන මීට වඩා හොඳ අවබෝධයක් ලබා ගත යුතු බවත් රජයේ දේශපාලනඥයෝ මේ දත්ත ගැන කතා කරනවාට කැමති නැති බවත් පුරවැසියන් ඡන්දය දෙන්න තීන්දු කළ යුත්තේ රැල්ලටද බොරුවටද මවාගත් දෙයටද සාක්ෂි හා දත්ත පදනම්ව ද කියා සිතිය යුතු බවත් පාර්ලිමේන්තුවේ පවා දත්ත මත සිදු කරන ප්‍රශ්න කිරීම් සඳහා විවේචන එල්ල කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදා 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ලබා දීමට, දුප්පත්කම නැති කිරීම සම්බන්ධයෙන් රජය පොරොන්දු රැසක් ලබා දුන් බවත් 76 වසරක ඉතිහාසයේ සිදු නොවූ සංවර්ධනයක් සිදු වන බවට රජය පැවසුවත් මේ සම්බන්ධයෙන් විපක්ෂය දත්ත සාක්ෂි මත පදනම්ව ප්‍රශ්න කරන විට එවැනි වැදගත් දේවල් උසුලු විසුලුවට ලක් කිරීමට රජය කටයුතු කරන බවත් ලක්ෂ 220ම මෝඩයෝ ලෙස සලකා රජයට අවැසි ලෙස තීන්දු තීරණ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ල නගරයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

අද ඇගලුම් කම්හල් 200 යටතේ බිහි වූ කර්මාන්තශාලා වැසී යන බවත් මේ සියල්ල රජය සගවා ඇති බවත් අද තොරතුරු ගැන දත්ත ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ කතා කරන්න මෙන්ම ප්‍රශ්න කරන්න පවා අයිතියක් නොමැති බවත් රජය මැතිවරණ සමයේ සිදු කළ කිසිදු පොරොන්දුවක් අද ඉටු නොකරන බවත් රජය මේ ගැටලු මැද අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ක්‍රමයේ වෙනසක් කරනවා කියා රටම රැවැට්ටුවා

විධායක ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකයි තියාගෙන මේ රජය ජනතා ගැටලු විසදන්නේ නැතිව ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කර ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරමින් යන බවත් දුප්පත්කම තුරන් නොකර බඩු මිල අඩු නොකර රැකියා බිහි නොකර රජය මේවා කරමින් යන බවත් රටම රවටා රටම අන්දවා ක්‍රමයේ වෙනසක් කියා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් නොදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය නීතියේ ආධිපත්‍යයත් උල්ලංඝනය කරනවා

දැන් රජයට අනුව දින 30ක් ජීවත් වෙන්න එක් පුද්ගලයකුට රු. 17000ක් ප්‍රමාණවත් බවත් රජය මේ කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගසා ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කර ගරු අධිකරණයට අපහාස කරන බවත් ගරු විනිසුරුවන් ගැන ජනතාවට ඇති විශ්වාසය කෙලෙසීමක් බවත් මෙය අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කරන නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් බවත් මොවුන්ට අවශ්‍ය තනි පක්ෂ ආණ්ඩුවක් රටේ බිහි කිරීම බවත් තනි පක්ෂ රාජ්‍යයත්වයක් රටේ නිර්මාණය කරන්න රජය උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව මේවා ගැන දැනුවත් විය යුතුයි

දේශපාලන, සමාජ සාක්ෂරතාව ප්‍රගුණ කරන්නට මේ නිසා කටයුතු කළ යුතු බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කටයුතු කරන මේ අවස්ථාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අනුගමනය කරමින් මේ අය මේ දේ කරන බවට ජනතාව අවබෝධයක් තිබිය යුතු බවත් ආණ්ඩුව තනි අධිෂ්ඨානයක සිට ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න උත්සාහ කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 හා 83 ව්‍යවස්ථා එකට කියවා බලන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් පවා අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය සංඛ්‍යා ඉදිරිපත් කර ජනතාව රවටනවා

විවිධ කාලවල විවිධ නායකයෝ ආර්ථික වර්ධන වේගය වැඩි කර විරැකියාව අඩු කර උද්ධමනය පාලනය කර ඇති බවට සංඛ්‍යා ලේඛන වට්ටෝරු ඉදිරිපත් කරන බවත් 2024 වසරේ කළ ගණනය කිරිම අනුව සෑම පළාතක්ම දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගණනය කර ඇති බවත් ඒ අනුව දකුණු පළාත 8.9%ක්, බස්නාහිර පළාත් 42%ක් දායකත්වය ලබා දෙන බවත් මේ දත්ත තුළින් ද පළාත් අතර වෙනස පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථයි

දළ දේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අද අනාථ වී ඇති බවත් මේ කර්මාන්තකරුවන්ගේ ඉඩම් දේපල පරාටේ නීතිය යටතේ වෙන්දේසි වෙන බවත් මැතිවරණ කාලයේ පමණක් මේ වෙන්දේසි නතර කළත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...