කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඇය අද (10) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගයකට අනුවය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයව කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර ඇය අත්අඩංගුවට පත්වූයේ නේපාලයේදීය.


