ටයිෆූන් ඩොල්ෆින් හේතුවෙන් චීනයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනයේ නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති ටයිෆූන් ඩොල්ෆින් හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුණාටුව හේතුවෙන් Zhejiang පළාතේ Wenzhou නගරයෙන් පමණක් පුද්ගලයන් 900,000කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, හදිසි අවස්ථා සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක් විවෘත කර තිබේ. Fujian පළාතේ තවත් 98,900කට ආසන්න පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර ඇත.

මේ අතර, ෂැංහයි නගරයේ අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයන් 215,000කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඩොල්ෆින් සුලි කුනාටුව හේතුවෙන් ෂැංහයි නගරයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල පැය 24ක් තුළ මිලිමීටර් 400කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එය වසර 150කට වැඩි කාලයකින් එම ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙස සැලකේ.

කුණාටුවේ බලපෑම හේතුවෙන් ෂැංහයි නගරයේ ගුවන් ගමන් 1,300කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, පොදු ප්‍රවාහන සේවාවලට ද බාධා එල්ල වී තිබේ.

ඩොල්ෆින් කුණාටුව මේ වන විට නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වී ඇතත්, එය උතුරු දෙසට සහ චීනයේ අභ්‍යන්තර ප්‍රදේශ වෙත ගමන් කිරීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළත් දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් පුළුල් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, අවදානම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස චීන බලධාරීන් අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...