පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවිය යුතුයි. නමුත් මරණීය දණ්ඩනය පිළිගත නොහැකියි – කාදිනල් හිමි

සටහන – රුවන් නෙළුගොල්ල

2019 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු හෝ මහමොළකරුවන් සහ සියලු පාර්ශ්වයන් හෙළිකරගැනීමත් රටේ නීතිය අනුව එම ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරදීමත් කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව වුවත් තමන්ට කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

ඒ හා සමගම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි කතෝලික සභාව පූර්ණ විශ්වාසය තබන අතර එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අදහස් නොකරන බවත් කාදිනල් හිමියන් අවධාරණය කර තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

කාදිනල් හිමියන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගකීම් පැහැර හැරීමේ චෝදනාවට එවකට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මහාධිකරණ විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති පසුබිමක් තුළය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...