1. ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ වසර 2ක සභාපතිත්වයට. – ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමට සහභාගී වීම සඳහා පිලිපීනයේ මැනිලා නුවරට පිටත්ව යයි – ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ගේ ටෝකියෝ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයට ද සහභාගී වීමට නියමිතය.
2. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙත ගල් අඟුරු කඩිනමින් මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගමට අවශ්‍ය ඩොලර් මිලියන 100 න් ඩොලර් මිලියන 6 ක් පමණක් ලබා දීමට මහ බැංකුව එකඟ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. – 2022 මාර්තු 31 ට පෙර මහ බැංකුව විසින් ඩොලර් මිලියන 300 නිකුත් කර තිබූ බැවින් බලාගාරය ඔක්තෝබර් 26 වන දින තෙක් ක්‍රියාත්මක කළ හැකිවිය.
3. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග, සංවර්ධනය කරා රැගෙන යන දේශපාලන, සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසන බව විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි පවසයි. – ශ්‍රී ලංකාව ණය පැහැර හරින බව නිවේදනය කරේ ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේ දී වන අතර, වර්තමානය වන විට ශ්‍රී ලංකාව “බංකොලොත්” රටක් ලෙස වර්ගීකරණයට ලක්ව ඇත.
4. නිදහස් වෙළඳ ගිවිසුමකට කල්තියාම පිවිසීමට චීනය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා ක්‍රියාවලිය කඩිනම් කරන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. – නිදහස් වෙළඳ ගිවිසුම තුළින් එකිනෙකාගේ විශ්වාසය ඉහළ නංවන අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වර්ධනය කරන බව ද පවසයි.
5. හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ 2 වැනි අදියර ඔක්තෝබර් 04 වැනිදා විවෘත කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
6. ශ්‍රී ලංකාවේ සමාගම් රට තුළම ක්‍රියාත්මක වීමෙන් මතුවිය හැකි අවදානම අවම කිරීම සඳහා විදේශ රටවල ඒකක සහ ශාඛා පිහිටුවීමට කටයුතු කරයි. – මෙම අවදානම් ලෙස ඔවුන් මතුකරන්නේ, ආනයන සීමා කිරීම්, විදුලි කප්පාදුව, ණය පැහැර හැරීම් ගැටළු, ආහාර සහ වෙනත් හිඟයන්, බැංකු සහ විදේශ විනිමය ප්‍රමාදයන්, ඉහළ යන බඩු මිළ ගණන් ආදියයි – ප්රාග්ධනයේ සැලකිය යුතු පහත වැටීමක් සිදුවිය හැකි බවට සැක පළකරයි.
7. අධික ප්‍රවාහන වියදම් සහ ආනයන සීමා හමුවේ පලතුරු මිල අහස උසට; මිනිසුන්ට දරාගත නොහැකි මට්ටමට මිල ගණන් වැඩි වෙයි. – ඇපල් ගෙඩියක් රු. 300 ක්, මිදි ග්‍රෑම් 100 ක් රු. 300ක්, දොඩම් ගෙඩියක් රු. 500ක්, අන්නාසි රු. 800 සිට රු. 1000 දක්වා, අල්පෝන්සු අඹ කිලෝවකට රු. 2000ක්, දෙළුම් ගෙඩියක් රු. 900ක්.
8. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රය ඉක්මනින්ම කඩා වැටෙනු ඇතැයි රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ ලේකම් ජෙයලක්ෂ්මි පුරුෂෝත්මන් අනතුරු අඟවයි. – ව්‍යාපාර සියයට 50 කින් කඩා වැටීමත් සමඟ පාරිභෝගිකයන්ට රූපලාවන්‍යාගාර වලට පැමිණීමේ ඇති උනන්දුව නැති වී ඇති බව පවසයි.
9. නව එක්-කාලීන අධිභාර බද්දෙන් රජය රු. බිලියන 120ක් රැස් කරයි. – මාස 5ක් තුළ ඇතිවන පොලී වියදම් ලෙස අමතර රු. බිලියන 398ක් ද ලැබී ඇත.
10. වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සූදානමින්! – මෙමඟින් තමන්ට පහසු ඇඳුමක් හැඳ පැමිණීමට වගේම කාන්තාවන්ට කලිසම් හැද පැමිණීමට ද අවසර ලබා දීමට ද ඉඩකඩ ඇත.