විධායක බලය නිසා රනිල් පාස්කු චෝදනාවලින් නිදහස් !

Date:

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍කාශයට පත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබිණි.

වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහුට ජනාධිපති මුක්තිය හිමිවන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන් ජනාධිපතිවරයාගේ නීතිඥයන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අදාල චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...