මන්දපෝෂණේ තියන අය මම නං දැකලා නෑ, වේලක් දෙකක් නොකා ඉන්න එක ඇඟට හොඳයි – වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න

Date:

පොල් මද, කුරුම්බා ලොඳ වැනි ආහාර වර්ග ඉතා ගුණදායක ආහාර වර්ග බවත්, පොල් අමුවෙන් කෑම දියවැඩියාව වැනි රෝග සඳහා ඉතා හොඳ ප්‍රතිකාරයක් බව පර්යේෂණවලින් හෙලි වී ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ ලේකම්, වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා.

එනිසා පාසල් සිසුන් දිවා ආහාරය සඳහා කුරුම්බා මද රැගෙන ඒම සම්බන්ධයෙන් එතරම් කලබල වීමට අවශ්‍ය නොවන බවද වෛදරයා සඳහන් කරනවා.

නවතම වෛද්‍ය පර්යේෂණවලට අනුව දීර්ඝායුෂ සඳහා අප ලබාගන්නා ආහාරවල කැලරි ප්‍රමාණය අවම වීම ඉතා හොඳ බවත්, එනිසා ආහාර වේලක් දෙකක් මගහැරීම ශරීර සෞඛ්‍යයට අමතර වාසියක් බවත් නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙනවා.

ඇතැම් සෞඛ්‍ය අර්බුද දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෛද්‍ය සංගම් විසින් හිතාමතා ඇති කරන අර්බුද බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ මාධ්‍ය මගින්ද ඊට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙන බවයි. මන්දපෝෂණය සම්බන්ධයෙන් යම් යම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වුවද එවැනි කිසිදු අර්බුදයක් නොමැති බව ඔහු පවසනවා. මන්දපෝෂණයෙන් පෙළෙන කිසිදු පුද්ගලයෙකු තමා මෙරටදී දැක නැති බවද ප්‍රේමරත්න මහතා සඳහන් කරනවා.

ඇතැම් අප්‍රිකානු රටවල ලොකු බඩවල් සහිත, රවුම් මූණු සහිත මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඡායාරූපවලින් දැක ඇති නමුත්, එවැනි දරුවන් මෙරට තුළ නොසිටින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රටතුළ මන්දපෝෂණය තිබේ නම් ඊට වගකිව යුත්තේ වෛද්‍යවරුන් මිස රජය නොවන බවද වෛද්‍යවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...