ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද!

නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (25) රාත්‍රියේ යෙදෙන සුභ මොහොතින් සිදු වේ.

පස්වරු 06.53ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර සමගින් වීදි සංචාරයට එක්වන අතර දළදා පෙරහැර නැ‌ගෙනහිර දිශාභිමුඛව ගමන් ගැනීමට නියමිතය.

දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කරන දළදා පෙරහැර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එහි සධාතුක පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා වූ අතර මියන්රාජා හා පුලතිසි රාජා යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...