කොළඹ LNW:ඊයේ (26) පෙරවරු 10:30ට පමණ, චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ නේපාල සීමාවේ සිදු වූ නායයෑමක් හේතුවෙන්, චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. එමෙන්ම මේ වනවිටත් පුද්ගලයින් රැසක් අතුරුදන් ව ඇති බව චීන මාධ්ය වාර්තා කරනවා.
ව්යසනය පිළිබඳ දැන ගත් විගස, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආපදා හානි වළක්වා ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
ජන ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු විධිමත්ව සිදු කරමින් නිරීක්ෂණ, පූර්ව අනතුරු ඇඟවීම් සහ අවදානම් තුරන් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව ෂී ජින්පිං මහතා ප්රකාශ කර ඇතැයි වාර්තා වනවා.
මේ අතර චීන අගමැති ලී ච්යං මහතා ද උපදෙස් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, පුද්ගලයින් බේරා ගැනීම, තුවාල ලැබූවන්ට ප්රතිකාර කිරීම සහ විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පූර්ණ උත්සහායන් ගත යුතු බවයි. ආපදා වැළැක්වීමේ සහ ප්රතිචාර දැක්වීමේ කටයුතු නිසි ලෙස ක්රියාත්මක කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.
දිනූෂි ධීරසිංහ


