කොළඹ LNW:කැබිතිගොල්ලෑව ප්රදේශයේ ගෝනමැරියාව පන්සල අසල දී අද (27) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් දින 10ක බිලිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
පදවිශ්රීපුර ප්රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබිතිගොල්ලෑව ප්රදේශයට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු, ඔහුගේ මව සහ දින 10ක කුඩා බිලිඳා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ ත්රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී මෙම දරුණු අනතුරට මුහුණ පා ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


