ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හරහා සිස්ටම් චේන්ජ් එකක් සිදුකර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආණ්ඩුවක් ලෙස ජනතාවට පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා දීමේ ඉලක්කය මෙය බවද මන්ත්රීවරයා සඳහන් කරයි.
”අපිට දැන් අධිකරණ ඕනේ අලුතින්. ඇයි ලක්ෂ 11ක් නඩු තියෙන අධිකරණ පද්ධතියේ අහල ඉවර කරගන්න අමාරුයි. ඒ නිසා අලුත් අධිකරණ සංකීර්ණ ඕනේ. ඒ නිසා එදා ඇමතිලා සැප බංගලා තියාගෙන හිටිය ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒ ටික අරගෙන අධිකරණවලට දීලා තියෙනවා. සමහරු කියා කියා යනවා අග්රවිනිශ්චයකාරතුමාගේ විතරයි කියල. එක්කෙනෙක්ගේ දික්කරල ලක්ෂ 11ක් නඩු අහන්න බැහැනේ. ඒවා බොරු කතා. නඩු ඉක්මණින් ඉවර වෙනවට විරුද්ධ වෙන්නේ කවුද? ව්යවස්ථා සංශෝධනයක් ගෙනල්ල තියෙනවා, පනත සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. අධිකරණවල සංඛ්යාව වැඩි කරන්න, විනිසුරුවරු වැඩිකරන්න, ඉන්න අයගේ වයස වැඩි කරන්න. සිස්ටම් චේන්ජ් එකක් ගේන්නේ. අපි ජනතාවට පොරොන්දු වුණා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙනවා කියල. ඒක තමයි මේ ඉලක්කය”
මන්ත්රීවරයා මෙම අදහස් දක්වා සිටියේ පනාගොඩ පිනිදියමුල්ල කොට්ඨාස සභාව අමතමිනි.


