ගෝඨාභය පාලනයේ රාජ්‍ය ආයතන සභාපතිවරුන් පෝලිමේ ඩලස් පාර්ශ්වය දෙසට

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකුද වන ලලිත් පියුම් පෙරේරා මහතා ඩලස් කණ්ඩායමේ ‘නිදහස ජනතා සභාව’ සමග එක්ව තිබෙනවා.

පෙරේදා (26) සවස නාවල පිහිටි නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේදී ලලිත් පියුම් පෙරේරා මහතා සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට ඩලස් අලහප්පරෙුම, ජී.ඇල්. පීරිස්, චන්න ජයසුමන, ලලිත් එල්ලාවල ඇතුළු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

ඊයේ එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවටද ලලිත් පියුම් පෙරේරා මහතා එක්ව සිටි අතර ඔහු එහිදී සඳහන් කළේ අරගල සමයේදී වීරයන් ලෙස පිළිගෙන සිටි බොහෝදෙනාගේ නිරුවත හෙළි වූ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...