සටහන – පුලී
අගෝස්තු 27, LNW (කොළඹ): පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි මාතෘ හා ළමා රෝහල් ඒකකයක ඉකුත් බදාදා අලුයම ඇති වූ දරුණු ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු මියගොස් තිබේ.
ගින්න හටගෙන ඇත්තේ Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ මාතෘ හා ළමා ඒකකයේ තෙවන මහලේ වායු සමීකරණ යන්ත්රයක බව වාර්තා වේ.
එම අවස්ථාවේ රෝහලේ සිටි බිළිඳුන් 15 දෙනාගෙන් දිවි ගලවා ගැනීමට හැකිවී ඇත්තේ එක් බිළිඳෙකුට පමණි.
සිද්ධිය ඇසින් දුටු Hivsa Walid පවසා ඇත්තේ තම සහෝදරයාගේ බිරිඳ දින කිහිපයකට පෙර දරුවෙකු බිහි කර තිබූ බැවින් ඇය සමඟ රෝහලේ සිටි බවයි. මුලින් කෙනෙකු කෑගසන හඬක් ඇසුණු අතර, පසුව දුම දුටු බව ඇය සඳහන් කළාය.
“අපි අපේ බඩු ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. බිළිඳාව අරගෙන ඉක්මනින් පහළට දිව්වා. එය සිදුවුණේ කොහොමද කියලවත් අපිට තේරුණේ නැහැ. හැමදේම සිහිනයක් වගේ,” යනුවෙන් ඇය පැවසුවාය.
ගින්න හටගන්නා අවස්ථාවේ ඇතැම් මව්වරුන් එදින රාත්රියේම දරුවන් බිහි කර තිබූ බවද වාර්තා වේ. මියගිය බිළිඳුන්ගේ පවුල්, සහන සේවා පැමිණීමට පැය ගණනක් ගතවූ බවට ද චෝදනා කර තිබේ.

