දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/28

Date:

1. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වීමට ජපානයේ සහ ඉන්දියාවේ ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාවේ සහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික කරයි. – ජපාන විදේශ අමාත්‍ය විසින් මෙම පුවත අගය කළ අතර, ලෝක වේදිකාව තුළ ආසියානු නියෝජනය වැඩිවිය යුතු බව අවධාරණය කරයි.

2. කටුපොල් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ප්‍රාදේශීය වැවිලි සමාගම් ඉල්ලා සිටී. – හෙක්ටයාර් 12,000 ක් දක්වා කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් රුපියල් බිලියන 26 කට අධික මුදලක් ආයෝජනය කර ඇති බව පවසයි.

3. හිටපු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂගෙන් කප්පම් ගැනීමට තැත් කළ බවට චෝදනා ලැබි 37 හැවිරිදි කරණවෑමියකු රහස් පොලීසියෙහි අත්අඩංගුවට! – සැකකරු දුරකථනයෙන් කතා කර රුපියල් මිලියනයක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

4. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාල ඡන්ද විමසීම ඔක්තෝබර් 6 වැනි දින – ශ්‍රී ලංකාවට එරෙහි මෙම ප්‍රහාරාත්මක යෝජනාවට සම-අනුග්‍රහය දක්වනුයේ ශ්‍රී ලංකාවට අතහිත ලබා දෙන බව පවසන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය යන “මිත්‍ර රටවල්” විසිනි.

5. සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. –  සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් පවසන්නේ තම රට නැවතත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

6. ශ්‍රී ලංකාවේ වර්ධන වේගය, ණය පැහැර හැරීමට පෙර සියයට 2.4 ක ධන වර්ධන වේගයක් ලෙස සටහන් ව තිබූ බවත්, දැන් මෙම වර්ෂය සඳහා එය සියයට 8.8 ක සෘණ වර්ධන වේගයක් දක්වා පහත වැටී ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව ඇස්තමේන්තු කරයි. – ලබන වසරට පුරෝකථනය කර තිබූ සියයට 2.5 ක් වූ ධන වර්ධන වේගය සියයට 3.3 ක සෘණ වර්ධන වේගයක් දක්වා පහත වැටෙනු ඇති බව ද අනතුරු අඟවයි.

7. ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මැතිවරණ කොමිසම් සභාවෙන් ඉල්ලා සිටිති. – “උඩඟු පාලකයන්ට” පිළිතුරු දීමට ජනතාවට අවස්ථාව දිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

8. ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2024 දක්වා බලයේ සිටීමට ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. – සාගින්න සහ අනෙකුත් ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් ඔහු සිටින සෑම පැත්තකින්ම වට කරන බවට අනතුරු අඟවයි.

9. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ගේ ටෝකියෝ නුවර රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි.

10. ආයතන සංග්‍රහය අනුගමනය නොකර සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වන නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරයි. – මෙසේ ක්‍රියා කිරීම විනය ක්‍රියාමාර්ගවලට තුඩු දෙන වරදක් බව පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...