ප්‍රජා ශක්ති කමිටුව තමයි ගමේ ආණ්ඩුව. එතනදී ගමේ තීරණ ගන්න ඕනෑ. NPP එකෙන් ඒවා අධීක්ෂණය කරන්න ඕනෑ – ඇමති ලාල්

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු ගමට ආණ්ඩුවක් ලබාදී ඇති බවත් එය ප්‍රජා ශක්ති කමිටුව බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“දැන් අපි බලයට ඇවිල්ලා ගමටත් ආණ්ඩුවක් ගෙනල්ලා දීලා තියෙනවා. ප්‍රජා ශක්ති වැඩපිළිවෙල යටතේ ගේන ප්‍රජා ශක්ති කමිටු. එතකොට ප්‍රජා ශක්ති කමිටුවේ ප්‍රධානියා කවුද ? සභාපති. දැන් ගම බලාගන්න ඕනෙ ඕගොල්ලෝ. එහෙනම් එතන තීරණ ගන්න ඕනෙ ගම ඇතුළෙ වෙන්න ඕනෙ වැඩ මොනවද කියලා. අපේ මේ සංවිධානය ඒවා පිළිබඳ අධීක්ෂණය කරන්න ඕනෙ. NPP එක. මේක ආණ්ඩුව නෙවෙයිනෙ, මේක පක්ෂයක්. ඒ කියන්නෙ ඕගොල්ලො පාලකයො වෙලා. ඡන්දය දීලා පැත්තකට වෙලා නෑ, ගම පාලනය කරනවා”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ යටිනුවර, මල්ගම්මන කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීමේ වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...