22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්රතිලාභ ලබන පළමු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා යැයි නිරීක්ෂණය වන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසයි.
මහජන බලය ක්රියාත්මක කරන සෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද නීත්යානුකූල විමර්ශනයට සහ වගවීමට යටත්ව පැවතිය යුතු බව පවසන නීතීඥ සංගමය නඩු තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ යුක්තිය පසිඳලීම සාධාරණ, කරුණු මත පදනම් වූ සහ වගකීම්සහගත විවේචනයට ලක් කළ හැකි බවත් අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණයේ ඕනෑම විනිසුරුවරයකු සම්බන්ධයෙන් විශ්වසනීය කරුණු හෝ චෝදනා මතුවන්නේ නම් ඒවා වෛෂයිකව විමර්ශනය කර, සාධාරණත්වයට සහ නිසි පටිපාටියට ගරු කරමින්, පවතින සුදුසු ව්යවස්ථාමය සහ පාර්ලිමේන්තු ක්රියාපටිපාටි ඔස්සේ විමර්ශනය කළ යුතු බවත් සඳහන් කරයි.
අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට ගරු කරන ලෙසත් ඒ සමගම කිසියම් අව්යාජ ගැටලුවක් මතුවන්නේ නම් එය සාධාරණව, වගකීම්සහගතව සහ ආණ්ඩුක්රම ව්යවස්ථාව හා නීතිය මගින් ස්ථාපිත කර ඇති ක්රියාපටිපාටි ඔස්සේ ආමන්ත්රණය කරන ලෙසත් ශ්රී ලංකා නීතීඥ සංගමය රාජ්යයේ සියලු අංශවලින්, අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සහ මාධ්යයෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.




