2028 අවසානයේදී යළි GSP+ සහනය වෙනුවෙන් යළි ඉල්ලුම් කරනවා – ඇමති විජිත කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: යුරෝපා සංගමයේ GSP + පහසුකම සඳහා නැවතත් ශ්‍රී ලංකාව 2028 වසර අවසානයේදී ඉල්ලුම් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන්ගේ හමුවකදී ය.

මෙම GSP + සහනය ලබා ගැනීමේදී යුරෝපා සංගමයේ රටවල මිතුරන්ගේ සහයෝගය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ අවබෝධය, දිරි ගැන්වීම සහ සහයෝගය අගය කරනවා. අප රට යළි ගොඩනගන විට, ආයතන ශක්තිමත් කරන විට, සංහිඳියාව ප්‍රවර්ධනය කරන විට, මානව හිමිකම් ආරක්ෂා කරන විට සහ අපේ ජනතාවට නව අවස්ථා උදා කරදෙන විට ඔබ සැම සමඟ සහ බහු පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. යුරෝපා සංගමයේ සංශෝධිත GSP + නීති රීති යටතේ 2028 දෙසැම්බර් වන විට එම පහසුමකම සඳහා නැවත අයදුම් කරන බව මම ඔබට දැනුම් දීමට කැමතියි. ඔබ දන්නා පරිදි GSP + ලබාදෙන්නේ මනව හිමිකම්, කම්කරු, පාලන සහ පාරිසරික සම්මුති සමූහකයට අනුකූල වීම මතයි. මෙම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප ගෙන ඇති සහ ගනිමින් සිටින ප්‍රගතිශීලි පියවරයන් තිබෙනවා. නියමිත කාල රාමුව තුළ GSP + සඳහා අයදුම් කිරීමට සූදානම් වීටත් පවතින සියලු ගැටළු විසඳා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...