ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ නව පුනරුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW :

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා චීනයෙන් රේල් පීලි 10,000ක් මෙරටට ගෙන්වා තිබේ.

රුපියල් මිලියන 2,000ක ආයෝජනයකින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රමුඛතාවය හිමිවන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින වේග සීමා ඉවත් කර දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමටයි.

විශේෂයෙන්ම කොළඹ කොටුව සහ පානදුර අතර ස්ථාන පනහක පමණ ප්‍රතිසංස්කරණ කටයුතු මේ හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව දුම්රිය පාලම් ප්‍රතිසංස්කරණය කිරීමටද පියවර ගන්නා අතර, මෙම සමස්ත ක්‍රියාවලිය නිම කිරීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙමගින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුරක්ෂිත දුම්රිය සේවාවක් ලබාදීමට බලධාරීන් බලාපොරොත්තු වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...