ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම:මනූෂට එරෙහි විමර්ශන අවසන්.නඩුව දෙසැම්බර් 18 කැඳවීමට නියෝග!

කොළඹ LNW:හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට වන චෝදනාවලට අදාළව එම විමර්ශන සිදුකර තිබෙන අතර නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් මෙහිදී එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි දෙසැම්බර් මස 18 වනදා කැඳවීමටයි නියම කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...