නියඟය නිසා ඇතිවන පෝෂණ අර්බුදය වැළැක්වීම සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍යයි,”- වෛද්‍ය සංජීව

රෂිකා හෙන්නායක අගෝස්තු 29, කොළඹ LNW :

එල් නිනෝ (El Niño) බලපෑම හේතුවෙන් ඇති වී තිබෙන නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක දහයකට ආසන්න සංඛ්‍යාවක, විශේෂයෙන්ම ළමුන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන් අතර මන්දපෝෂණය ඉහළ යාමේ අවධානමක් පවතින බවත්, එය වැළැක්වීම සඳහා වහාම පෝෂණ හා සමාජ සුබසාධන පියවර හඳුන්වා දිය යුතු බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවයි.

කාලාන්තරයක් තිස්සේ පවතින මෙම නියඟය සඳහා රජය පූර්ව සූදානමින් සිටිය යුතු අතර, අවදානමට ලක්වූ ප්‍රජාවන්ගේ පෝෂණ මට්ටම පහත වැටීම වැළැක්වීම සඳහා පීඩාවට පත් ප්‍රදේශවල සුබසාධන හා සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බවද ඔහු පැවසීය.

ආහාර නිෂ්පාදනය අඩුවීම, ගුණාත්මක ආහාර ලබා ගැනීමේ හැකියාව පහත වැටීම, ගොවීන්ගේ ආදායම් අඩුවීම සහ ගෘහස්ථ වියදම් ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික පවුල්වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම වඩ වඩාත් දුෂ්කර විය හැකි බව ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය වයස අවුරුදු පහට අඩු ළමුන්ට මෙන්ම වයස අවුරුදු පහත් 17 ත් අතර පසුවන ළමුන්ට විශේෂයෙන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල වයස අවුරුදු පහත් 17 ත් අතර පාසල් ළමුන් සඳහා ප්‍රමාණවත් පෝෂණයක් තහවුරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි වෛද්‍ය සංජීව මහතා, වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා දැනට පවතින පෝෂණ ආධාර තවදුරටත් ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා වන ත්‍රිපෝෂ වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දැනටමත් ක්‍රියාත්මක නොවන බවටද කනගාටුව පළ කළ ඔහු, නියඟය තවදුරටත් පැවතුනහොත් පෝෂණ ආධාරවල පවතින මෙම හිඩැස් තත්ත්වය තවදුරටත් නරක අතට හැරවිය හැකි බවටද අනතුරු ඇඟවීය.

දීර්ඝ කාලීන ආහාර හා ජල අර්බුදයක් හමුවේ අතිරේක සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දිය හැකි ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා වහාම ඉලක්කගත පෝෂණ වැඩසටහන් හඳුන්වා දෙන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය.

එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජය විශේෂ සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවත්, සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් ලෙස සූදානම් කර තැබීම සඳහා විශේෂිත සම්පත් වෙන් කළ යුතු බවත් ඔහු පැවසීය.

“නියඟය නිසා ඇතිවන පෝෂණ අර්බුදය වැළැක්වීම සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍යයි,” යනුවෙන් පැවසූ වෛද්‍ය සංජීව මහතා, අවදානමට ලක්වූ ප්‍රජාවන් දැඩි හිඟයකට මුහුණ දීමට පෙර සෞඛ්‍ය, පෝෂණ සහ සමාජ සුබසාධන පියවර ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...