අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණීම ගැන රවී කරුණානායක පාර්ශවයෙන් පැහැදිලි කිරීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට අද උදෑසන අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබුණි.

ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ පාර්ශවයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සමීපතමයෙක් කියා සිටියේ, මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදුකර නොමැති බවයි. විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දීමක් කර තිබුණද, අදාළ දිනයේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින්, නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත්, එලෙස නව දිනයක් ලබාදීමට අල්ලස් කොමිසම එකඟවී ඇති බවත් අදාළ පාර්ශ්වය පැවැසීය. අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස නිවෙසට පැමිණ ඇත්තේ එවැනි තත්වයක් යටතේ බවද එම පාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඉදිරි දිනකදී අල්ලස් කොමිෂම හමුවේ පෙනී සිටින බවටද ඒ මහතාගේ නීතිඥවරුන් පවසනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...