තිරිඟු පිටි මිල වැඩිවුණේ ලෝක යුද්ධය නිසා – ඇමති ජයවර්ධන

සටහන – රුවන් නෙළුගොල්ල

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17කින් ඉහළ ගියේ ලෝකයට බලපා ඇති යුධමය තත්වය නිසා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.

“ලෝකයට බලපාලා තියෙන යුධමය තත්වය ඇතුළේ භාණ්ඩ ප්‍රවාහනය සහ රක්ෂණ ගාස්තු කියන එක හරහා විශේෂ මිලක් වැඩිවීම නැත්නම් ගාස්තුවක් වැඩිවීම විසින් ඇතිවෙච්චි තත්වයක් තියෙනවා. ඒවා ආනයනය කරන භාණ්ඩවලට එකතු වෙනවා. රජයක් හැටියට මහජනතාවට වෙන පීඩාව අවම කිරීම වෙනුවෙන් සැලකියයුතු මැදිහත්වීමක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පැත්තෙන් වගේම ජනාධිපතිවරයා හැටියටත් මැදිහත්වීමක් කරනවා”

ආර්. එම්. ජයවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොනරාගල ප්‍රදේශයේ නළලිං අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...