ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝට වසර 5ක සිරදඬුවමක්

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 30දින :
ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝට දූෂණ නඩුවක් සම්බන්ධයෙන් වසර 5ක සිරදඬුවමක් නියම කර තිබේ.

73 හැවිරිදි මොරෙනෝට එරෙහි නඩුව සම්බන්ධ වී ඇත්තේ චීනයේ Sinohydro සමාගම ඉදිකළ ඉක්වදෝරයේ විශාලතම ජල විදුලි බලාගාරය වන Coca Codo Sinclair ව්‍යාපෘතියටයි. අල්ලස් ලබාගෙන එම සමාගමට ව්‍යාපෘතිය ලබාගැනීමට බලපෑම් කළ බවට අධිකරණය ඔහු වරදකරු කර ඇත.

නඩු විභාගයේදී මොරෙනෝ වරද ප්‍රතික්ෂේප කරමින් තමන් Sinohydro සමාගමෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව ප්‍රකාශ කර ඇති අතර, තීන්දුවට එරෙහිව අභියාචනය කිරීමටද ඔහු සැලසුම් කර ඇත.

අධිකරණය ඔහුට අනාගතයේදී කිසිදු රාජ්‍ය තනතුරක් දැරීම සදහටම තහනම් කර ඇති අතර මෙම නඩුවේදී මොරෙනෝගේ බිරිඳ සහ පවුලේ තවත් සාමාජිකයන් කිහිපදෙනෙකුටද සිරදඬුවම් නියම කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...